කොරෝනා මර්දන කාර්ය සාධන සමාලෝචන කමිටුව අදත් රැස්වේ
Wednesday, 22 April 2020 - 16:15 | Views - 1,314
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව අදත් රැස්වුණා.
ඒ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී නව රෝගීන් හඳුනාගැනීම සඳහා කරන පරීක්ෂණ, ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම, ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ වෛද්‍ය උපකරණ ඇතුලූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ඇතුලූ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.
මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන් පරිපාලන සේවයේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වනවා.
Share This Article