කොරෝනා අස්සේ ට්‍රම්ප් හා දකුණු කොරියානු නායකයා අතර සිදු වූ දුරකතන සංවාදය
Wednesday, 22 April 2020 - 16:07 | Views - 1,049
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් සමග දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
කොවිඩ් 19, පරීක්ෂණ කට්ටල තොගයක් ලබාදෙමින් දැක්වූ සහයෝගයට ට්‍රම්ප්ගේ ඇගයීමට ලක්වූ බවයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගෝලීය වසංගතය ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පරාජය කිරීමට සහ ගෝලීය ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද නායකයින් දෙපළ අතරේ එකගවී ඇති බව සදහන්.
එමෙන්ම එක්සත් ජනපද - කොරියානු ආරක්ෂක සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඇමෙරිකානු ජනාධිපති පසුගිය සතියේ, මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් සමග ද දුරකතන සංවාදයක් සිදු කළ බවයි වාර්තා වන්නේ.
එහිදී දෙරට අතර පවතින දේශසීමා ආරක්ෂණ තර ගැනීමටත් එකගවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article