වාර ප්‍රවේශපත්‍ර ලබාගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් පමණක් ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සැලසුමක්
දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මගින් ගමන් පහසුකම ලබාගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් පමණක් දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කිරීමේ කටයුතු සූදානම් කිරීම සඳහා අදාළ පාර්ශවයන් නිශ්චිතව හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව දුම්රියෙන් කොළඹට ගෙන්වාගැනීමට අත්‍යාවශ්‍යම සේවකයන්ගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය, දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ අංකය, සහ දුම්රියට පැමිණෙන සහ පිටවන කාලවේලාවන් දෙපාර්තමේන්තුවට දැනුම්දිය යුතුයි.
0112 43 21 28, 0112 43 19 09 සහ 0112 44 64 90 යන ෆැක්ස් අංක වෙත
[email protected] ඊමේල් ලිපිනය ද ඒ සඳහා භාවිත කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ්.
එසේම සෑම සතියකටම අදාළ නිශ්චිත තොරතුරු ඊට පෙර සතියේ බ්‍රහස්පතින්දා හෝ ඊට පෙර ලබාදිය යුතු බවත්, සේවයට ගෙන්වා ගත යුතු අත්‍යාවශ්‍යම හා අවම සංඛ්‍යාවක් දන්වා එවන ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනවා.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය බලපැවැත්වූ දින 28 ක කාලසීමාව තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 2128ක ආදායමක් අහිමි වී ඇති බව ද ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවී ඇති ආදායම රුපියල් මිලියන 420ක්.
මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 840ක ආදායමක් ද අහිමිවී තිබෙනවා.