සැතපුම් 200ක් දුර පිහිටි නිවසට පයින්ම ගිහින්, නිවස පෙනි පෙනී, අවසන් හුස්ම හෙලූ 12 හැවිරිදි දැරිය
Wednesday, 22 April 2020 - 14:19 | Views - 3,541
සැතපුම් 200ක් දුරකින් පිහිටි සිය නිවසට පයින් ගමන් කිරිමේදී ඇතිවූ අධික තෙහෙට්ටුව හේතුවෙන් 12 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

සිය ඥාති සහෝදරයෙකු සමඟ ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පිහිටි මිරිස් වගා බිමක සේවය කර ඇති අදාල දැරිය තෙලන්ගනා සිට බිජාපූර් දිස්ත්‍රික්කයේ චටිස්ගාර් හි පිහිටි සිය නිවස වෙත මෙලෙස පා ගමනින් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 
එහිදී ඇතිවූ අධික විඩාව හේතුවෙන් දැරියට මෙලෙස අවාසනාවන්ත මරණයකට මුහුණදීමට සිදුව තිබෙනවා.
 
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට එරට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 14 වනදා ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබුනද එය යළි මැයි 03 වනදා දක්වා දිර්ඝ කිරීම පියවර ගත්තා.
 
මේ හේතුවෙන් අදාල දැරිය ඇතුළු මිරිස් වගා බිමේ සේවය කළ පිරිසකට සිය රැකියා අහිමිව තිබෙනවා.
 
ඒ අනුවයි අප්‍රේල් මස 15 වනදා දැරිය සිය ඥාති සහෝදරයෙකු සමඟ සිය නිවස බලා යෑමට ගමන් ආරම්භකර ඇත්තේ.
 
කෙසේ වෙතත් රැකියා ස්ථානයේ සිට සැතපුම් 200ක දුරින් පිහිටි සිය නිවසට යාමේදී අතර මඟ හසුවන පොලිස් මාර්ග බාධක මඟ හැරීමේ අරමුණින් කඳුකර ප්‍රදේශ ඔස්සේ මොවුන් පුරා දින 03ක් ගමන්කර ඇති බව තොරතුරු වාර්තා වනවා.
 
ආහාර හිඟකම සහ පා ගමනෙන් ඇතිව තිබු අධික විඩාව හේතුවෙන් මෙම 12 හැවිරිදි දැරිය සිය නිවසට ආසන්නයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Coronavirus Lockdown: 12-Year-Old Walks 3 Days Amid Lockdown, Dies ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top