ඇමරිකාවේ දෙවන කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්
Wednesday, 22 April 2020 - 14:07 | Views - 762
එළඹෙන ශීත ඍතුවේදී ඇමරිකාව තුළ කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා අනතුරු අගවා තිබෙනවා.
එය දැනට පවතින තත්ත්වයට වටා බරපතල විය හැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
දැනට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ක්‍රමිකව අඩු වුවත්, දෙවන කොරෝනා රැල්ල ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අංශ වහා සූදානම් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළා.
Share This Article