ස්වාභාවික මුහුදු වෙරළ වෙනුවට ගල්කිස්සේ හදන කෘත්‍රිම මුහුදු වෙරළ - Photos
Wednesday, 22 April 2020 - 14:03 | Views - 1,793
මේ කියන්න හදන්නේ අපි කිසිම දවසක අහන්න ලැබෙයි කියලා හීනෙකින්වත් බලාපොරොත්තු වුන කතාවක් නෙමෙයි. නිතර දැකලා හුරු පුරුදු ගල්කිස්සේ මුහුදු තීරය මතකයි නේද?

හැමෝම ආස කරපු ඒ මුහුදු තීරය වෙනස් කරමින් කෘතිම මුහුදු වෙරළක් හදනවා කියලා මම කිව්වොත් ඔබ පුදුම වේවි. සමහරවිට මගේ කතාව පිළිගන්න එකකුත් නැහැ. හැබැයි ඒ කතාව ඇත්තක්.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කියන්නේ මේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තියනවා වගේම එය නිම කිරීමෙන් පස්සේ ප්‍රදේශයේ ධීවර ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තය නංවාලීමට ඉවහල් වන බවයි.

දැඩි පොලිස් ආරක්ෂාව යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පහුගිය සති අන්තයේ ගල්කිස්ස මුහුදු තීරයේ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියනවා.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කිලෝමීටර් 2 ක් දිග සහ මීටර් 25 ක් පළල කෘතිම වෙරළ තීරයක් ඉදි කිරීමට නියමිත බවත් පිරවීමේ ක්‍රියාවලිය සඳහා වැලි කියුබ් ඝන මීටර් තුන්ලක්ෂයක් භාවිතා කරන බවත් දැනගන්න ලැබෙනවා.මේ වනවිටත් මීටර් 500 කොටසක් අවසන් වෙලයි තියෙන්නේ.

ප්‍රදේශයට පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් කනස්සල්ලට පත්ව ඇති බවත්, එබැවින් මෙලෙස ආරක්ෂාව තර කර ගොඩකිරීමේ බවයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවනම් කියන්නේ.

හැබැයි කොහොම වුනත් සාමාන්‍ය ජනතාව අතරනම් මේ සම්බන්ධව පැහැදීමක් දකින්න ලැබෙන්නේ නැහැ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top