බස් රථ ධාවනය අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සීමා කිරිමට අවධානය
Wednesday, 22 April 2020 - 13:51 | Views - 887
ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල බස් රථ ධාවනය අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ එම ප්‍රදේශවල සෞඛ්‍ය නිර්දේශයන්ගෙන් බැහැරව මගී බස් රථවල ගමන් කිරීමට මගීන් පෙළඹීම හේතුවෙන්.

අවදානම් දිස්ත්‍රිකක් හැරුණු විට සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය අලූයම 5 සිට රාත්‍රී 8 දක්වා ඉවත් කිරිමට රජය තීරණය කළා.

එම තීරණයෙන් පසුව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවනු ලැබුවේ අත්‍යාවශ්‍ය රාජකාරි සදහා යන පිරිස් ප්‍රවාහනය කිරීම සදහායි.

එමෙන්ම, එක් බස් රථයක ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව 25 කට සීමා කිරීමට ද නිර්දේශ කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය නිරීක්ෂණය කිරීමේදී විනෝද ගමන්, නෑදෑ හිතවතුන් බැලීම වැනි කටයුතු සදහා ද මගී බස් රථවලට ගොඩවන බව අනාවරණ වෙමින් තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ අත්‍යාවශ්‍ය රාජකාරි සදහා පිටත්ව යන අයගේ හැදුනුම්පත් පරික්ෂා කොට බස් රථවලට නැංවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට එරෙහි රජය සාකච්ඡා කරමින් සිටින බවයි.

ඒ සදහා පොලිස් නිලධාරින්ගේ සහයෝගය ලබා ගැනීම පිලිබදව සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර, ඇදිරි නීතිය පැනවීමෙන් පසු ගත වූ කාලසීමාව තුළ ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 35,321 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, ඇදිරි නීතිය බලපැවැත්වෙන බේරුවල ප්‍රදේශයට මෝටර් රථ දෙකකින් මත්පැන් බෝතල් 60 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට ඇදිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල තැපෑල හරහා සිදුකෙරෙන ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරුණා.

එමෙන්ම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත කාලසීමාව තුලදී පැවැත්වීමේ තීරණයේ වෙනසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සදහන් කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ එළඹෙන මැයි 11 වනදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම දිනය ආසන්න වනවිට පවතින තත්ත්වය පිලිබදව සමාලෝචනයක් සිදුකිරීමට රජය කටයුතු කරන බවයි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top