ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
Wednesday, 22 April 2020 - 12:59 | Views - 501
බේරුවල සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දිවයිනට දකුණු සහ ගිණිකොණ දිග මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරි වලාකුළු පද්ධතියක් වර්ධනය වීම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවලට තද වැසි ද අපේක්ෂා කළ හැකියි.
ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් කියා සිටියේ.
Share This Article