නිරෝධායනයෙන් පසු මැග්නිෆිකා නෞකාවෙන් මුදා ගත් තරුණයා නිවසට
Wednesday, 22 April 2020 - 10:42 | Views - 2,153
ඉතාලිය බලා ගමන් කරමින් තිබූ මැග්නිෆිකා නෞකාවේ සේවය කළ තරුණයා සහ තවත් දෙදෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් බූස්ස නාවික හමුදා කදවුරේ ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ අතර, ඊයේ දිනයේයි එම කටයුතු අවසන් කර ඔවුන් මෙලෙස සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත්තේ.
ජාත්‍යන්තර මගී නෞකාවක් වන මැග්නිෆිකා නෞකාවේ සේවය කළ මෙම තරුණයා සමාජ මාධ්‍ය ඔස්සේ කළ ඉල්ලීමට අනුව කොළඹ වරාය ආසන්නයේ ඔහුව මෙරටට රැගෙන ඒමට නාවික හමුදාව පසුගියදා පියවර ගනු ලැබුවා.
Share This Article