බණ්ඩාරනායක මාවතේ තවත් වතු 4ක් පරීක්ෂාවට
Wednesday, 22 April 2020 - 9:35 | Views - 565
කොළඹ - කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ කොරෝනා පැතිර යාමත් සමඟ අද දිනයේ ඒ ආශ්රිත ප්‍රදේශයේ තවත් වතු 4ක පුද්ගලයින් 100 දෙනෙකු පී සී ආර් පරීක්ෂාවට ලක් කරන බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල ප්‍රකාශ කළා.
මීට පෙර වතු 3ක පුද්ගලයින් පරීක්ෂාවට ලක් කළ අතර, ඒ අනුව හැට දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
පසුව එම වතු ආශ්රිත පුද්ගලයින් සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ.
අද පරීක්ෂාවට ලක් කෙරෙන වතු 4 ආශ්රිත පුද්ගලයින් 860 දෙනෙකු වාසය කරන බවයි වාර්තා වන්නේ.
Share This Article