ඇඳිරිනීතිය මැද්දේ කරගෙන ගිය කඩවත ගණිකා නිවෙසක් වටලා 6දෙනෙක් අත්අඩංගුවට
Wednesday, 22 April 2020 - 9:05 | Views - 1,789
ඇඳිරිනීතිය බලපැවැත්වෙන අවස්ථාවක කඩවත පොලිස් බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රසිද්ධ හෝටලයක් තුළ නීතිවිරෝධී අන්දමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් යැයි සැකකරන ස්ථානයක් වැටලූ කඩවත පොලීසිය සැකකරුවන් තුන්දෙනෙක් කාන්තාවන් දෙදෙනෙක් සහ හෝටලයේ කළමනාකරු බව කියන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

20වනදා සිදුකළ මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගත් පිරිස කොළඹ, කිරිබත්ගොඩ කඩවත ගණේමුල්ල කුලියාපිටිය යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ පොලීසිය සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා 20 වනදා මහර අතිරේක මහෙස්ත‍්‍රාත් කේමින්ද පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප‍‍‍‍යක් මත සැකකරුවන්ට ඇප ලබා දුන් මහෙස්ත‍්‍රාත්වරයා මෙම නඩුව ජූලි මස 20 වනදා නැවත කැඳවීමටද නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික‍්‍රමරත්න මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top