වාරියපොල පොලිසියේදී නිලධාරියෙකුට පහරදුන් අයෙකු රිමාන්ඩ්
Wednesday, 22 April 2020 - 8:47 | Views - 693
වාරියපොළ පොලිස් ස්ථානය තුළදී පොලිස් පරික්ෂකවරයෙකුට පහරදීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ වාරියපොළ පොතුවැව ප්රදේශයේ පදිංචි මත්පැන් ජාවාරම්කරුවෙකු අදාළ පොලිස් පරික්ෂකවරයාට පෙරේදා දුරකතනයෙන් බැන තර්ජනය කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අදාළ මත්පැන් ජාවාරම්කරුවෙකු ඊයේ පොලිස් ස්ථානයට කැඳවා අවවාද කර යළි පිටත් කර හැර තිබෙනවා.
පසුව ඔහු සමග පැමිණි තවත් පුද්ගලයෙකු පොලිස් ස්ථානය තුළදී අදාළ පොලිස් පරික්ෂකවරයාට යළි තර්ජනය කර පහරදීමට තැත් කළ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහු බීමතින් සිටි බව තහවුරු කිරිම සඳහා කුරුණැගල මහ රෝහල වෙත යොමු කෙරුණා.
පොලිස් පරික්ෂකවරයා නිකවැරටිය රෝහට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ මහේස්ත්රා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
Share This Article