COVID - 19 රෝගීන්ට ප්‍රතිකාර කරන, ශ්‍රී ලාංකික ගර්භනී වෛද්‍යවරිය කවුද? ඇත්ත කතාව මෙන්න
Wednesday, 22 April 2020 - 8:04 | Views - 735
කොරෝනා අර්බුදය මැද, කොරෝනාව ප්‍රයෝජනයට ගෙන ව්‍යාජ පුවත් මවන බොහෝ පිරිස් අප අතර ද නැතුවා නොවේ.
 
පසුගිය දිනෙක ඉතාලි වෛද්‍යවරුන් යුවළක් ගැන සංවේදී කතා ප්‍රවෘත්තියක් නිර්මාණය කර එය බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, එය ඡායාරූප ශිල්පියෙකු විසින් අහම්බෙන් සිය කැමරා කාචයේ සටහන් කරගත් එකක් බවට "ඉන්දියා ටයිම්ස්" පුවත්පත වාර්තා කර තිබුණා.
 
ගෝලීය වසංගතයක් මැද මෙවන් ව්‍යාජ පුවත් මවන පිරිස් විසින් තවත් එවැනිම අසත්‍ය කතා ප්‍රවෘත්තියක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු කරමින් සිටිනවා.
 
එනම්.. ලංකාවේ ගැබිනි වෛද්‍යවරියක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරමින් ඉමහත් කැපකිරීමක් කරන පුවතක් ගැනයි.
 
එහි සටහන්ව ඇත්තේ,
 
"පිටරටක් නෙවෙයි මේ ලංකාවේ, දිවා රෑ නොබලා රෝගීන්ගේ සේවයට සම්බන්ධ වූ ගර්භනී වෛද්‍යවරිය" යනුවෙනුයි.
 
මෙම අසත්‍ය පුවත, සමූහ කිහිපයකම පළව තිබූ අතර, බොහෝ පිරිසක් ඒ සඳහා විවිධ ප්‍රතිචාර දක්වන ආකාරයක් දක්නට ලැබුණා.
 
නමුත්, අනාවරණය වෙන්නෙ මෙම වෛද්‍යවරිය ලංකාවේ නොව මැලේසියාවේ වෛද්‍යවරියක් බවයි.
 
ෆේස්බුක් සටහනකට මෙම ඡායාරූපය අප්‍රේල් මස 14 වැනි දින එක් කර තිබූ අතර එහි සඳහන් වූයේ මෙම මැලේසියානු වෛද්‍යවරිය සති 30 ගැබිනියක් බවයි, එමෙන්ම ඇය කොරෝනා රෝගීන් වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවයි.
 
කෙසේ වෙතත්, කොරෝනා හමුවේ මෙවන් අසත්‍ය ප්‍රචාර යැවීම පිළිබඳව මේ වන විට ලෝක බලවතුන්ගේ ද දැඩි අවධානය යොමුව තිබෙනවා.
 
විශේෂයෙන්ම මෙය "වට්ස්ඇප්" යෙදුම හරහා මහා පරිමාණයෙන් සිදුවන බව වාර්තා වනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top