කහ කුඩු වැඩි මිලට අලෙවිකරන්නන් සොයා අද සිට මෙහෙයුම්
Wednesday, 22 April 2020 - 8:00 | Views - 1,492
කහකුඩු වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා අද (22) සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
කහකුඩු කිලෝග්රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 ක් ලෙස දක්වමින් පාරිභෝගික සේවා අධිකාරිය ඊයේ (21) අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කළා.
වෙළඳපොලේ මේ වනවිට කහකුඩුවල හිඟයක් මතුව ඇති අතර, ඒ හේතුවෙන් ඒවා විවිධ මිල ගණන් යටතේ වෙළඳපොලේ අලෙවිවීම සැලකිල්ලට ගෙනයි මෙලෙස පාලන මිලක් පැනවීමට කටයුතු කරනු ලැබුවේ.
Share This Article