ආහාර ද්‍රව්‍ය ඔන්ලයින් ක්‍රමයට අලෙවි කරන, ජංගම වෙළඳුන්ට පොලිසියෙන් උපදෙස් මාලාවක්
Wednesday, 22 April 2020 - 7:55 | Views - 1,207

කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වයත් සමඟ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීමේ පහසුකම් සලසා ඇති ජංගම වෙළඳුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිසිය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍යාරක්ෂිතව වෙළඳාම් කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති අතර, ඒ අනුව වෙළඳාම් කිරීමේදී පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳිය යුතු වනවා.
එමෙන්ම, වෙළඳාම් කටයුතු සිදුකරන අවස්ථාවෙදී මුඛ ආවරණ හෝ අත් ආවරණ පැළඳීමද සිදුකළ යුතුයි. බේකරි නිෂ්පාදනය, පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම්, ඒවා අතින් ඇල්ලීම සිදුනොකළ යුතු බවයි පොලිසිය එම වෙළඳුන්ට දැනුම් දෙන්නේ.
ආහාර මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ නොදිය යුතු අතර, මීටරයක පරතරය පවත්වා ගැනීමද සිදුකළ යුතුයි.
ඔන්ලයින් ක්‍රමයට ජංගම වෙළඳාමේ යෙදීම සඳහා නිිසි අවසරයක් ලබාගෙන ඇති පුද්ගලයින් ඉහත උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය වන බවයි පොලිසිය පවසන්නේ.
එම උපදෙස් කඩ කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Share This Article