ආහාර ද්‍රව්‍ය ඔන්ලයින් ක්‍රමයට අලෙවි කරන, ජංගම වෙළඳුන්ට පොලිසියෙන් උපදෙස් මාලාවක්
Wednesday, 22 April 2020 - 7:55 | Views - 1,208
කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වයත් සමඟ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීමේ පහසුකම් සලසා ඇති ජංගම වෙළඳුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිසිය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍යාරක්ෂිතව වෙළඳාම් කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති අතර, ඒ අනුව වෙළඳාම් කිරීමේදී පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳිය යුතු වනවා.

එමෙන්ම, වෙළඳාම් කටයුතු සිදුකරන අවස්ථාවෙදී මුඛ ආවරණ හෝ අත් ආවරණ පැළඳීමද සිදුකළ යුතුයි. බේකරි නිෂ්පාදනය, පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම්, ඒවා අතින් ඇල්ලීම සිදුනොකළ යුතු බවයි පොලිසිය එම වෙළඳුන්ට දැනුම් දෙන්නේ.

ආහාර මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ නොදිය යුතු අතර, මීටරයක පරතරය පවත්වා ගැනීමද සිදුකළ යුතුයි.

ඔන්ලයින් ක්‍රමයට ජංගම වෙළඳාමේ යෙදීම සඳහා නිිසි අවසරයක් ලබාගෙන ඇති පුද්ගලයින් ඉහත උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය වන බවයි පොලිසිය පවසන්නේ.

එම උපදෙස් කඩ කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top