ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 34,828 ක් මේ දක්වා අත්අඩංගුවට
Tuesday, 21 April 2020 - 17:25 | Views - 424
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34,828 මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ රථවාහන 8,913 ක්ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි.
එසේම අද උදෑසන හයේ සිට දහවල් 12 දක්වා පැය 6 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 95 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 30 ක්.
Share This Article