ඇඳිරිනීතිය අස්සේ බහින්බස්වීමක් දුරදිග ගිහින් බිරිඳ සැමියාගේ ගෙල කපා ඝාතනය කරලා
Tuesday, 21 April 2020 - 17:14 | Views - 16,967
කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල, කටුගස්තොට ලිපිනයේ පිහිටි නිවසක් තුළ සැමියා හා බිරිඳ අතර ඇති වු බහින්බස් වීමකින් බිරිඳ විසින් සැමියා ඝාතනයට ලක් කර තිබෙනවා..
ඊයේ(20) සවස 3.30ට පමණ මෙය සිදුව ඇති බවයි පැවසෙන්නේ.
බිරිඳ විසින් සැමියාගේ ගෙල කපා දැමීමෙන් පසුව ඇය පොරවකින් ද හිසට පහර දී බරපතළ තුවාල සිදු කර ඇතැයි පොලීසිය පවසනවා..
පසුව තුවාලකරු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙන අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42ක් වු යටිවාවල, කටුගස්තොට ලිපිනයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර අද(21) දින ඇය මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මව්බිම
Share This Article