ලොව හුදකලාම ඩොල්ෆින් මිය යයි
Tuesday, 21 April 2020 - 17:08 | Views - 5,263

ලෝකයේ හුදකලාම ඩොල්ෆින් ලෙස හැඳින්වූ හනී පහුගිය දවසක ජිවිතයෙන් සමුඅරගෙන තිබෙනවා. හනී මෙහෙම මියගිහිල්ලා තියෙන්නේ ජපානයේ අතහැර දැමූ මින්මැදුරක තටාකයේ තනිවම ගත කළ වසර ගණනාවකට පසු ඇය බොහොම අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හනීගේ මේ ඛේදනීය කතාව මුලින්ම අපට අහන්න ලැබෙන්නේ 2018 ඔක්තෝම්බර් මාසයේදී ජපන් සත්ත්ව අයිතිවාසිකම් සම්බන්ධ ක්‍රියාකාරීන් පිරිසක් විසින් රූගත කරන ලද වීඩියෝ පටයක් හරහායි.
අතහැර දැමූ තටාකයක් මෙන් දිස්වෙන්නක මේ සත්තවයා තනිවම පාවෙමින් සිටින අයුරු දැක්වෙන මේ වීඩියෝව ලෝකය පුරා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත එකක් වෙලා තියනවා.
චිබා ප්‍රාන්තයේ චොෂි ප්‍රදේශයේ ඉනුබොසාකි මැරීන් පාර්ක් මින්මැදුරේ දී ඩ්‍රෝන යානයකින් මේ වීඩියෝව රූගත කර තිබුනේ එය වසා දමා මාස කිහිපයකට පසුව බවයි දැනගන්නට ලැබෙන්නේ.
හනී සහ තවත් පෙන්ගුයින් සතුන් කිහිප දෙනෙකු පමණක් මෙහි රැඳී සිට ඇති සෑම දින කිහිපයකට වරක්ම එක් සේවකයෙකු පැමිණ ඔවුන්ට අවශ්‍ය ආහාර ලබාදුන් බව තමයි කියවෙන්නේ.
තටාකයේ තනිවම වසර දෙකකට ආසන්න කාලයක් ගත කිරීමෙන් පසු ඇය පසුගිය දිනක මිය යන විට පරිසරයේ උණුසුම නිසා සම පිළිස්සීම්,මානසික ආතතිය හා තනිකම වැනි රෝගවලින් පීඩා වින්ද බවයි දැනගන්න ලැබෙන්නේ.
කාලයක් ජාත්‍යන්තර සිරස්තලයක් බවට පත්වූ හනීගේ ඉරණම වෙනස් කිරීමට කිසිවෙක් උත්සහ නොකිරීම කණගාටුවට කරුණක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Share This Article