අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන වෙත ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්
Tuesday, 21 April 2020 - 17:02 | Views - 1,005
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර තිබෙනවා.

ඒ අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග අද (21) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

එසේම රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ජල නළ එළීම, මාර්ග ඉදිකිරීම වැනි පාලනයක් ඇතිව කළ හැකි සංවර්ධන වැඩ කඩිනමින් ආරම්භ කිරීමේ වැදගත්කම ද ජනපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන් ජනපතිවරයා මේ වනවිට පනවා ඇති නිර්දේශ අනුගමනය කරමින් සේවකයන් කැඳවීම ආයතන ප්‍රධානීන් විසින් තීරණය කළයුතු බව සඳහන් කර තිබෙනවා.

බස්නාහිර පළාත ඇතුළු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක ප්‍රදේශවල සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ගොවි අස්වනු ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට ගෙන ඒමට පියවර ගැනීමෙන් ගොවීන්ට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

මේ අතර තැපැල් කාර්යාල මගින් බිල්පත් එකතු කිරීම, බැංකු තැන්පතු භාර ගැනීම, ඇතුළු ලබාදිය හැකි සේවාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

කොරෝනා වෛරසය මර්දනයට රජය විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කළ ද ජනතාව උපදෙස් නිසි පරිදි පිළි නොපැදීම, තත්ත්වය පාලනයට බාධාවක් වී ඇති බවද එහිදී සඳහන් වූවා.

ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කර සේවාවන් පවත්වාගෙන යාමේ දී ද වෛරසය පාලනය වන අයුරින් ක්‍රියාකාරකම් සිදුවිය යුතු බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top