විසි වසරක අනියම් ඇසුර නිරෝධායනයෙන් අලුත් වූ අපූරුව
Tuesday, 21 April 2020 - 13:58 | Views - 3,133
කොරෝනා සමඟ පැමිණි නිරෝධායනය යන වචනය ඇසීමට පවා බොහෝ අය අකැමැති වූයේ එම කාර්යයේදී දින 14ක් හෝ 21ක් සියලු දෙනාගෙන් වෙන්ව සිටීමට සිදුවීම නිසාය.

නමුත් 73 හැවිරිදි හා හැත්තෑ හැවිරිදි යුවළක් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් හා පොලිසියෙන් බලෙන්ම නිරෝධායනය ඉල්ලාගෙන නිරෝධායනය වීමට උත්සාහ කිරීමේ රසවත් සිද්ධියක් ගම්පොළ කලාප පොලිස් වසමෙන් වාර්තා වෙයි.

මෙම යුවළ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය දෙදෙනකු වන අතර එය වසර 20ක් පැරැණි කතාවකි. දෙදෙනාටම වෙන වෙනම වැඩිවියට පත් දරුවන්ද සිටින්නේය.

73 හැවිරිදි කාන්තාව සැමියා මියගොස් දරුවන්ද දීග ගිය හෙයින් ඇය තනිවම නිවෙසේ සිටින්නීය.

70 හැවිරිදි පිරිමි තැනැත්තා පිට ගමක සිට ඉඳහිට මෙම නිවෙසට පැමිණ දින දෙක තුනක් ගතකර පිටව යෑම සිදුකර තිබේ.

මේ අතර කොරෝනා වසංගතය සමඟ ගම්වාසීන් අවධානයෙන් සිටියේ මෙම ගමට පිටින් කිසිවකු පැමිණීම වැළැක්වීමටය.

ඒ අතර මෙම තැනැත්තා ගමේ මෙම නිවෙසට පැමිණීම දැනගත් ගම්වාසීන් ඒ බව ගලහ පොලිසියට හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට දැන්වූයේ හිතේ බිය දෙගුණ කර පවසමිනි.

නිලධාරීන් නිවෙසට පැමිණන විට පිටින් පැමිණි තැනැත්තා සිටි අතර එහිදී නිලධාරීන් අවවාද අනුශාසනා දෙමින් නැවත මෙම නිවෙසට පිට ප්‍රදේශයක සිට පැමිණෙන්නේ නම් මෙම නිවෙසේම නිරෝධායනයට ලක් කරන බවද පැවැසීය.

එයින් දිරිමත්වූ පුද්ගලයා පැවැසුවේ ‘අනේ සර් ඒක නම් හොඳ අදහසක්. මම මේ ගෙදරම නිරෝධායනය වෙන්නම්’ කියාය.

එවිට වයෝවෘද්ධ කාන්තාව පැවැසුවේ ‘පිස්සුද දරුවෝ එහෙමත් ආවොත් ඔක්කොම ඉවරයි‘ කියාය.

එවිට නිලධාරීන් මෙම සිද්ධිය සොයා බැලූ අතර එහිදී හෙළිවූයේ දෙදෙනා අතර අනියම් සබඳතාවක් ඇති බවය.

වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකළ නිලධාරීන් කණ්ඩායමට තහවුරු වුණේ මෙම පුද්ගලයා පිට ප්‍රදේශයක සිට මෙම ගමට නිතර යන එන එක පවතින තත්ත්වය අනුව අවදානම් බවය. ඒ අනුව මෙම දෙදෙනා එම නිවෙසේ නිරෝධායනයට ලක්කොට පිළිපැදිය යුතු උපදෙස්ද ලබාදෙන ලදී. අනතුරුව පසු විපරමේ නිරත වූ නිලධාරීන්ට තහවුරු වූයේ මෙය ඉතා සාර්ථක නිරෝධායනයක් බවය.

ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ලලිත් මහගෙදර මහතාගේ උපදෙස් මත උ.පො.ප. සමරජීව, පො.කො. වික්‍රමසිංහ (71126). ‍ෙදාළුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආසිරි බාලසූරිය යන නිලධාරීහු මෙම කටයුත්තට සහභාගි වී සිටියහ.

මාධව බණ්ඩාර
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top