මිසයිලවලින් ලෝක බලවතුන් දණ ගැස්සු කිම් ජොන්ට අසාධ්‍යයි
Tuesday, 21 April 2020 - 12:06 | Views - 5,795
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහී ඇති බවට විදෙස් පුවත් වාර්තා කරනවා. ඒ ඔහුට හදවතේ ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව බවයි සඳහන් වන්නේ.
ඇමෙරිකානු බුද්ධි නිරීක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන්නේ ඔහු සිටින්නේ ඉතාම අවධානම් තත්ත්වයක බවයි. කෙසේ නමුත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ මොළය මේ වනවිට මියගොස් ඇති බවයි.
කෙසේ නමුත් එරට පුවත් වාර්තා කරන්නේ සැත්කමකට භාජනය කළ නමුත් ඔහුට එතරම් අසාධ්‍ය නොවන බවයි.
Share This Article