පිළියන්දල කොරෝනා ආසාදිතයාගේ සමීපතමයන් 11 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට
Tuesday, 21 April 2020 - 10:54 | Views - 1,250
පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ඇතුලූ ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල සඳහන් කළේ මීට අමතරව පිළියන්දල ප්‍රදේශයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 71 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි.
කෙසේ වෙතත් මොහුට වෛරසය වැළඳුණු ආකාරය මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති බව ද ඔහු කියා සිටියා.
Share This Article