පාස්කු ප්‍රහාරයට වසරක් සපිරීම අනුස්මරණය කරන්නට ජනප්‍රිය තරුත් එක් වෙයි
Tuesday, 21 April 2020 - 10:48 | Views - 998
පාස්කු ඉරුදින ප්‍රහාරයට වසරක් සපිරෙන අද, පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වාගනිමින් දිවි අහිමිවූ සහ විපතට පත්වූ අය සිහිකරන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලූමදෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම යළිත් මෙවන් ව්‍යසනයක් රට තුළ ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරමින් පෙරවරු 8.47 ට පහනක් දල්වන ලෙසටද කාදිනල් හිමිපාණන් සියලූ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මීට අමතරව උදෑසන 8.40 ට සියලූ කිතුණු දේවස්ථානවල සීනු නාද කරන ලෙසටද, හැකිනම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථානවලද එය ක්‍රියාත්මක කරන ලෙසටයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ.

බොහෝ පිරිස් අද සිය නිවෙස් වලට වී කාලය ගත කරන අතරතුර මෙම කාර්යයට එක් වුණූ අතර ඔවුන් පහන් දල්වමින් මිය ගිය පිරිස් සිහිපත් කරනු දකින්නට ලැබුණා.

මේ අතර, ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන්ද මෙම අවස්ථාවට එක්ව සිටින අයුරු දැකගත හැකිවුණා. රංගන ශිල්පිනි, ශලනි තාරකා, රංගන ශිල්පීන් වන, විශ්ව කොඩිකාර, රොෂාන් රණවන ඇතුළු පිරිසක් සිය නිවෙස්-වල පහන් දල්වමින් පාස්කුදා ඛේදවාචකය අනුස්මරණය කළ ඡායාරූප කිහිපයක් මුහුණූ පොතේ පළවී තිබෙනවා.

මේ එම ඡායාරූප පෙළයි...






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top