කොරෝනා එක් වරකට වඩා ආසාදනය වෙන්න පුළුවන් - ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිදු කළ නවතම හෙළිදරව්ව
Tuesday, 21 April 2020 - 8:16 | Views - 730

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ, රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇති වන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මගින් ලබා දෙන ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වන බවයි.
කොරෝනා වෛරසයට එන්නතක් සොයාගැනීමේ උත්සහයක නිරත වන පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා මේ බව බීබීසි රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියා.
එමෙන්ම කොවිඩ් 19, එක් වරක් වැළදීම මගින් රෝගයට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය බවට තවමත් පැහැදිලි සාක්ෂි නොමැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියකගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මහාචාර්ය සේරා ගිල්බට් එම වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ, නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුණහොත් කොරෝනා සුව කළ හැකි එන්නතක් මේ වසරේ සැප්තැම්බර් මස වන විට නිපදවිය හැකි බවයි.
කෙසේ වෙතත්, එය අත්හදා බැලීම පිණිස ඉදිරිපත් වන වයස අවුරුදු 18 -55 ත් අතර පිරිස් යොදාගෙන විවිධ ක්‍රමවේද ඔස්සේ එය අත්හදා බැලිය යුතු වනවා.
ඊට දීර්ඝ කාලයක් ගත වනු ඇති බවයි මහචාර්යවරිය ප්‍රකාශ කළේ.
සිය කණ්ඩායම මේ දක්වා එන්නතක් අත්හදා බලා නොමැති බවත්, මෙම සතිය අවසන් වනවිට එය අත්හදා බැලිය හැකි බවත් ඇය පවසනවා.
මේ වනවිට එය අත්හදා බැලීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත් මෙම අත්හදා බැලීම් නිශ්චිත වශයෙන්, සාර්ථක විය හැකි බවය තමන් විශ්වාස කරන බවයි ඇය කියා සිටියේ.
නිසි එන්නතක් සොයා ගනු ලැබුව ද, ලක්ෂ සංඛ්‍යාත එන්නත් නිපදවීමට බ්‍රිතාන්‍ය රජයේ සහ ඖෂධ කර්මාන්තයේ ද සහ පැතීමට සිදු වනු ඇති බවයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්ය සේරා ගිල්බට් වැඩිදුරටත් කියා සිටියේ.
බීබීසී ඇසුරෙන්
Share This Article