කොරෝනා අර්බුදය අස්සෙ, ජපන් රජය ගණිකාවන්ගෙන් වැටුප් විස්තර හා ආදායම් වාර්තා ඉල්ලලා
Tuesday, 21 April 2020 - 8:06 | Views - 1,311

කොරෝනා ව්‍යාප්තිය නිසා ජපානය මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර කාර්යාල පාසල් හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු බොහෝ ස්ථාන වසා දමා තිබෙනවා.
මේ නිසා වසා දැමීම නිසා රැකියා හා අදායම් මාර්ග අහිමිවූ ජපන් ජනතාවට සහන සැලසීම සඳහා ජපන් යෙන් ට්‍රිලියන 108 ක සහන පැකේජයක් ආධාර ලෙස ලබා දීමට ජපන් රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
මෙසේ සහන සලසන ක්ෂේත්‍ර අතර ජපානයේ ලිංගික ශ්‍රමිකයන්ද වනවා.
ලිංගික ශ්‍රමිකයන් මීට ඇතුලත් කිරීමට ජපන් රජය ගත් තීරණයට විවිධ පාර්ශව වල විරෝධය එල්ල වුවද මානුෂික හේතුමත ඔවුන්ද ඊට ඇතුලත් කරන්නට රජය කටයුතු කරනු ලැබීම විශේෂත්වයක්.
ජපානයේ ලිංගික ශ්‍රමික කර්මාන්තය වසරකට ඩොලර් බිලියන 24 ක් උපයන කර්මාන්තයක් බව සඳහන්.
කෙසේවෙතත් මෙම සහන සැලසීම සඳහා අදාළ වැටුප් හා දීමනා අහිමි වුවන්ගේ වැටුප් විස්තර හා ආදායම් වාර්තා ඉල්ලා තිබෙනවා.
එහෙත් ලිංගික ශ්‍රමිකයන් පවසන්නේ එවැනි නිල ලේඛන තමන් සතුව නොමැති බවයි.
අනෙක් අතට ඔවුන් සතුව ආදායම් වාර්තාද නැහැ.
මේ නිසා මොවුන්ට රජයේ සහන දෙන්නට වෙනමම ක්‍රමවේදයක් සකසන්නට ජපන් රජයට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උපුටා ගැනීම - දිවයින පුවත්පත
Share This Article