කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ලබන බදාදා විවෘත නොවේ
Monday, 20 April 2020 - 15:18 | Views - 873
එළඹෙන බදාදා විවෘත කිරීමට නියමිතව තිබූ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය එදින විවෘත නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලූවගේ පවසනවා.
බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ඉවත් කිරීමේ දිනය දීර්ඝ කිරීමත් සමඟ මෙම තීරණයට එළඹුණු බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත්, මීට පෙර දැනුම් දුන් පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - හම්බන්තොට දක්වා කොටස සෑම දිනකම පෙරවරු හතේ සිට රාත්‍රි 7 දක්වා විවෘතව පවතිනු ඇති.
කෙසේ නමුත් එය භාවිත කළ හැක්කේ ඇඳිරි නීති බලපත්‍ර දරන්නන් සහ අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන්නන්ට පමණක් බව ද ඔහු කියා සිටියා.
Share This Article