ඇෆ්ගන් ජනපති මැදුරේ පිරිසකටත් කොරෝනා - නවසීලන්තය වසා දැමීම තවත් සතියකින් දිගු කරයි
Monday, 20 April 2020 - 14:08 | Views - 1,108
ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානිගේ කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඇෆ්ගන් ජනාධිපති කාර්ය මණ්ඩලයේ විසිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි පසුගිය සෙනසුරාදා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මේ අතර ඇෆ්ගන් ජනාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳ මේ දක්වා එරට රජය කිසිදු අදහසක් දක්වා නැහැ.

කොරෝනා ආසාදනයවූවන්ට රුධිර ප්ලස්මා ප්‍රතිකාර ක්‍රමය භාවිත කිරීමට බි්‍රතාන්‍යයද උත්සාහ කරමින් සිටින අතර, වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ට රුධිරය පරිත්‍යාග කරන ලෙස එරට රුධිර හා ඉන්ද්‍රිය බද්ධ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකාවද රෝහල් 1500 කට වැඩි ප්‍රමාණයක් යොදාගනිමින් රුධිර ප්ලස්මා ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් දැනටමත් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර අසල්වැසි ඉන්දියාව කොරෝනා වසංගතයේ උපරිම මට්ටමට එළඹෙන මැයි මාසයේ පළමු සතියේදි ළඟාවනු ඇති බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කර තිබුණා.

ගතවූ පැය 24 තුළ එරටින් කොරෝනා රෝගීන් 1,553 දෙනෙකු වාර්තාවී ඇති අතර, එය ඉන්දියාවේ දිනක් තුළ වාර්තාවූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයයි.

ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 17,265 දක්වා ඉහළ ගොස් ඇති අතර, පැය 24 ක කාලය තුළ නව මරණ 36 ක් වාර්තාවීමත් සමඟ එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාවද 543 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දැනට සම්පූර්ණ වසා දැමීමකට ලක්කර ඇති ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට කෘෂිකාර්මික කටයුතු, රාජ්‍ය සේවා ව්‍යාපෘති හා බැංකු කටයුතු යළි ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බව එරට වාර්තා සඳහන් කළා.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් විසි හතර ලක්ෂ 7,467 දෙනෙකු වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 65,074 දක්වා ඉහළ ගොස් තිබියදි ඇතැම් යුරෝපා රටවල් තම රටවල් තුළ පනවා ඇති තහනම් සහ සීමාවන් ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ අනුව පෝලන්තය එරට උද්‍යාන සහ වනාන්තර අද සිට විවෘත කිරීමට නියමිත අතර, නෝවේ හි පෙර පාසල් ද අද සිට දරුවන්ට යළි විවෘත කෙරෙනු ඇති. එමෙන්ම චෙක් ජනරජයද පදික වෙළඳාම සඳහා යළි අවසර ලබාදී ඇති අතර, ඇල්බේනියාවද පතල් හා තෙල් කර්මාන්තවල කටයුතු යළි ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය සතියේ ජර්මනියද කුඩා වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගත් අතර, පාසල් සහ උපාධි විභාග සඳහා පැවැත්වෙන පන්ති යළි ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර ස්පාඤ්ඤය සහ ප්‍රංශය එම රටවල් තුළ පනවා තිබූ සීමාවන් සහ වසා දැමීම් ලිහිල් කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය තවත් සති කිහිපයකට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ලබන බදාදායින් අවසන් වීමට තිබූ නවසිලන්තයේ වසා දැමීම් කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කළ බවයි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඞ්න් අද නිවේදනය කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top