නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සේවයේ සිටි 7 දෙනෙකු නිරෝධායනයට
Monday, 20 April 2020 - 12:23 | Views - 1,006
නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයින් හත්දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයේ සේවය කළ පුද්ගලයෙකුගේ පෙම්වතියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ඔවුන් නිරෝධායනය සඳහා යොමුකළ බවයි.
Share This Article