මීට පෙර නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මකවනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණක් බව දනුම් දෙනවා.
අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට මේ දිස්ත්‍රික්කවල යළි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා බලාත්මකවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්..