ඇමෙරිකාව බ්‍රිතාන්‍ය රජපවුලේ හිටපු සාමාජිකයින් ගැන නොසලකද්දි, ඇමෙරිකානුවන්ට සලකන හැරි සහ මේගන්
Monday, 20 April 2020 - 9:40 | Views - 15,072
හැරී සහ මේගන් ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් හී හිර වෙලා සිටින බව ඔබ නොදන්න දෙයක් නෙවෙයි.
 
මේ සියල්ල සිදු වෙමින් පවතින අතරේ, මේ යුවළ මාර්තු 31 වැනිදා නිල වශයෙන් රාජකාරි අවසන් කළ කැනඩාවෙන් ඇමරිකාවට එන්නේ කොරෝනා අස්සේ ඇමරිකාවේ හිර වෙන බවක් නොදැන.

එමෙන්ම හැරී මේගන්ගේ කිසිදු වියදමක් තම රට බාරනොගන්නා ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවත් කලින් කතා වලදී ඔබ නිතර නිතර දකින්න ඇති.
 
විවිධ කම් කටලු මැද්දේ ලොස්ඇන්ජලිස් හී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ආහාර දුන්න බවත් කලින් කතාවේ දකින්න ඇති
 
පුංචි බලු පැටවූ දෙන්නෙකුත් එක්ක යුවල එකතු වෙලා කියලා අද කතාව ට මුල් හේතුව උනා.
 
මෙගන් හා හැරී තමන්ට එල්ල වූ අභියෝගද නොතකා සමාජයටද යහපතක් කරමින් යුවළත් සතුටින් ඉදපු අකාරය ඔබ කලින් කතා වල දකින්න ඇති.
 
මේගන් සහ හැරී බ්‍රහස්පතින්දා ලොස් ඇන්ජලීස් හි ඇවිදීම සඳහා ඔවුන්ගේ බල්ලන් දෙදෙනා රැගෙන යන අයුරු ඡායාරූප මගින් විදෙස් මාධ්‍ය ඵල කළ ඇත.
 
රාජකීය රාජකාරිවලින් ඉවත් වුවද සිංහාසනයට හයවන ස්ථානයේ සිටින කුමාරයා යුවළගේ කළු ලැබ්‍රඩෝරයෙන් ඇදගෙන ගිය අතර එය ඉතාමත් ප්‍රිය ජනක දර්ශනයක් වේ.
 
යුවළ බලු පැටවුන් දෙදෙනා සුරතල් කරන ආකාරයත් මෙගන් බලු පැටියෙකු වඩාගෙන යන අකාරයත් මෙහි දැක ගත හැක.
 
හැරී යුවළගේ කළු ලැබ්‍රඩෝ සුරතල් ආකර්ශනීය බලු පැටියෙක් බව ඡයාරුප මගින් දැක ගත හැක.
 
මෙහි ඇති සුවිශේෂී දෙයක් නම් ඔහුන් දෙදෙනාම නව දකුණු කැලිෆෝනියානු රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ අතර, ඔවුන්ගේ සුනඛයන් හි ඇවිදීමට රැගෙන යන විට මුහුණු ආවරණ පැළඳීම
අනිවාර්ය කර තිබේ.
 
එමෙන්ම, රාජකීය ජීවිතයෙන් බැහැර වූ හැරී කුමරුට මෙය තරමක් වෙනස් ජිවිතයක් බවත් යුවළ පවස තිබෙනවා.
 
කෙසේ වෙතත්, හැරී කුමරු රජ පවුලෙන් ඈත් වීමත් සමඟ මෙවන් ජීවිතයකට හුරු වීම අපහසු වී ඇති බවයි ඔහුට සමීප මිතුරෙකු පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබුණේ.
 
එමෙන්ම, තමන්ගේ රට කිසිදු දිනෙක හැරී, මේගන්ට ආරක්ෂාව සලසන්නෙ නැති බව ද ට්විටර් පණිවුඩයක් තබමින් ලෝක බලවතා කියා තිබුණා. ඊට පිළිතුරු සැපයූ හැරී සහ මේගන් කියා තිබුණේ තමන්ට කිසිදු දිනෙක ඇමරිකාවේ ආරක්ෂාව අවශ්‍ය නොමැති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top