කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් හි අධි ආරක්ෂිත රසායනාගාරයකින් ලෝකයට ව්‍යාප්ත වූ බවට සිදුකෙරෙන අනාවරණයන් එම රසායනාගාරයේ අධ්‍යක්ෂවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
චීන විද්‍යාඥයන් පවසන්නේ මෙම වෛරසය වන සතුන් අලෙවි කරන වෙළඳපොළකින් මිනිසුන්ට ව්‍යාප්ත වී ඇති බවයි.
කොරෝනා වෛරසය ලෝකයට ව්‍යාප්ත වූ ආකාරය පිළිබදව පූර්ණ විමර්ශනයක් සිදුකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත්, වූහාන් හි අදාළ රසායනාගාරයේ අධ්‍යක්ෂ යුආන් ෂිමින් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ තම කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බවයි.
වෛරසය එම රසායනාගාරයෙන් ලෝකයට ව්‍යාප්ත වීමක් සිදුවිය නොහැකි බවත් කොරෝනා වෛරසයට අදාළව විවිධ අංශ ඔස්සේ තමන් ද පර්යේෂණ සිදුකරන බවත් යුආන් ෂිමින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සඳහා දැනට සිදුකෙරෙමින් පවතින වැඩ කටයුතු අධීක්ෂණයට සහ නිරීක්ෂණයට ඉන්දීය මධ්‍යම රජය ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.
ඒ, එරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 17,615 දක්වා සහ මරණ සංඛ්‍යාව 559 දක්වා ඉහළ ගොස් ඇති පසුබිමකයි.
