කාන්තාවක් දින තුනක් තිස්සේ ත්‍රිරෝද රථයක තබාගෙන දූෂණය කළ දෙදෙනාට අවසානයේ වුණු දේ
Monday, 20 April 2020 - 8:12 | Views - 885
ත්‍රිරෝද රථයක තබාගෙන කාන්තාවක දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා මේ මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තංගල්ල සුසාන භූමිය පාරේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු වන 28 හැවිරිදි එච්.එම්. මදුරංග තුෂාර හා තංගල්ල දංකැටිය ධම්මරතන මාවතේ පදිංචි 27 හැවිරිදි ජී.පී. එරන්ද කුමාර යන සැකකරුවන් දෙදෙනායි.

සැකකරුවන් දෙදෙනා විසින් තංගල්ල නගරයේ අතරමංව සිටි කොළඹ කිරුළපන පදිංචි 35 හැවිරිදි කාන්තාවක අප්‍රේල් 09 වන දින සිට 11 වන දින දක්වා කාලය තුළ ත්‍රීවීල් රථයක තබාගෙන විටින් විට දූෂණයට ලක් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් හදුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරිමට නියමිත අතර අදාල ත්‍රීරෝද රථයද අධිකරණ භාරයේ තබන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවත් සදහන්.

තංගල්ල නගරයේ අතරමංව සිටියදී දූෂණයට ලක්වූ බව කියන කොළඹ 06, කිරුළපන පදිංචි 35 හැවිරිදි කාන්තාව මේ වන විට අධිකරණ නියෝග පරිදි හම්බන්තොට මහ රෝහලේ නිරෝධායනය කර ඇති බවත් සදහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top