කාන්තාවක් දින තුනක් තිස්සේ ත්‍රිරෝද රථයක තබාගෙන දූෂණය කළ දෙදෙනාට අවසානයේ වුණු දේ
Monday, 20 April 2020 - 8:12 | Views - 886

ත්‍රිරෝද රථයක තබාගෙන කාන්තාවක දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා මේ මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තංගල්ල සුසාන භූමිය පාරේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු වන 28 හැවිරිදි එච්.එම්. මදුරංග තුෂාර හා තංගල්ල දංකැටිය ධම්මරතන මාවතේ පදිංචි 27 හැවිරිදි ජී.පී. එරන්ද කුමාර යන සැකකරුවන් දෙදෙනායි.
සැකකරුවන් දෙදෙනා විසින් තංගල්ල නගරයේ අතරමංව සිටි කොළඹ කිරුළපන පදිංචි 35 හැවිරිදි කාන්තාවක අප්‍රේල් 09 වන දින සිට 11 වන දින දක්වා කාලය තුළ ත්‍රීවීල් රථයක තබාගෙන විටින් විට දූෂණයට ලක් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් හදුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරිමට නියමිත අතර අදාල ත්‍රීරෝද රථයද අධිකරණ භාරයේ තබන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවත් සදහන්.
තංගල්ල නගරයේ අතරමංව සිටියදී දූෂණයට ලක්වූ බව කියන කොළඹ 06, කිරුළපන පදිංචි 35 හැවිරිදි කාන්තාව මේ වන විට අධිකරණ නියෝග පරිදි හම්බන්තොට මහ රෝහලේ නිරෝධායනය කර ඇති බවත් සදහන්.
Share This Article