දිස්ත්‍රික්ක 04කට හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය අද සිට ලිහිල් කෙරේ
Monday, 20 April 2020 - 7:58 | Views - 1,133
ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් දැනට පනවා ඇති ඇඳිරි නීතිය අද (20) සිට අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරිමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද (20) පෙරවරු 5.00ට ඉවත් කෙරුණු අතර එය යළි රාත්‍රී 8.00ට පනවනු ලබනවා.

ඉන් පසු නැවත දැනුම් දෙන තුරු මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මකවන්නේ රාත්‍රී 8 සිට පසුදා අළුයම 5 දක්වා පමණයි.

කෙසේ වෙතත් මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලට අයත් අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක වනවා.

මේ අතර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයකට හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල අප්‍රේල් 22 වැනි බදාදා සිට උදෑසන 5 ට ඇඳිරි නීතිය ඉවත් කර රාත්‍රී 8 ට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයට අයත්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල යන පොලිස් බල ප්‍රදේශවල අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත්, ජාඇල, කොච්චිකඩේ සහ සීදූව පොලිස් බල ප්‍රදේශවලටද, පුත්තලම දිස්ත්‍රික්කයට අයත්, පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව යන පොලිස් බල ප්‍රදේශවලටද ඇඳිරි නීතිය අඛණ්ඩය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

කළුතර දිස්ත්‍රික්කයේ ඇදිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටයි.

මීට අමතරව හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශවලට ඇතුළු වීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මේ අතර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා පමණක් සීමාකර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top