කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතෙන් දින 4ක් තුළ කොරෝනා ආසාදිතයින් 25ක්
Sunday, 19 April 2020 - 18:51 | Views - 1,527
පිටකොටුව, කෙසෙල් වත්ත, බණ්ඩාරනායක මාවත, 146 වත්ත ප්‍රදේශයෙන් දින 4ක් තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ 25 දෙනෙකු සොයාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල පවසනවා.
ඔහු කියා සිටියේ අද දින වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනා ද මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
ඒ අනුව එක් ස්ථානයකින් මෙලෙස වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා.
අද දිනයේ් තවත් 90 දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කළ බවයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල සඳහන් කළේ.
Share This Article