පන්දහසේ දීමනාව හෙට සහ අනිද්දාත්
Sunday, 19 April 2020 - 15:20 | Views - 1,312
සමාජ ආරක්ෂණ ප්රතිලාභ වැඩසටහන යටතේ රජය ලබාදෙන රුපියල් 5000සේ දීමනාව මෙතෙක් නොලැබුණු පුද්ගලයින්ට හෙට සහ අනිද්දා යන දෙදින තුළද එය ලබාදීමට නියමිතයි.
වැඩිහිටියන්ට, ආබාධිත පුද්ගලයින්ට, සමෘද්ධිලාභීන්ට සහ වකුගඩු ආබාධ සහිත පුද්ගලයින්ට මෙම දීමනාව මේ වනවිටත් ලබාදීම සිදු කරනවා.
රුපියල් 5000සේ දීමනාව නොලැබුණු එහෙත් අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයින්ට මේ මස 22 වන දා අදාළ ගෙවීම් සිදුකරන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Share This Article