ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාවල බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර
Sunday, 19 April 2020 - 13:50 | Views - 899
ඇදිරි නීතිය ඉවත් කළ කාල සීමාවලදී කොවිඩ් 19 ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ බලපත්ත්‍ර ලත් මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.

මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් අලෙවිසැල් අදාළ ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන කාලසීමාවන්ට යටත්ව විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් අනුව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසිනුයි මෙම අවසරය ලබාදී ඇත්තේ.

ඇඳිරි නීති විධිවිධාන සහ සමාජ දුරස්ථභාවය ඇතුලු කොරෝනා වෛරසය වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය නිර්දේශ ආරක්ෂා කිරීමේ කොන්දේසියට යටටත්ව මෙම අවසරය ලබාදී තිබෙනවා.

එම කොන්දේසි අනුව කටයුතු කිරීමට අපොහොසත්වන මත්පැන් අලෙවිසැල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මෙන්ම මත්පැන් කර්මාන්තය සම්බන්ධයෙන් උපරිම මට්ටමේ කර්මාන්ත විනයක් පවත්වා ගැනීමට කටයුතු කිරීමට සියලු සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කියාසිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top