ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගෝලීය පුරවැසි ව්‍යාපාරය එක්ව සංවිධාන කළ කොරෝනා ගෝලීය සංගීත ප්‍රසංගය
Sunday, 19 April 2020 - 13:44 | Views - 568
කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති ලෝකවාසීන් උදෙසා දැවැන්ත සංගීත සංදර්ශනයක් ඊයේ විකාශය කෙරුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගෝලීය පුරවැසි ව්‍යාපාරය එක්ව සංවිධාන කළ එම සංදර්ශනයේ මූලිකත්වය ගෙන තිබුණේ ඇමරිකානු ගායිකා ලේඩිගාගා විසින්.
ඊට සුප්‍රකට ගායක ගායිකාවන් 100 කට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ නිවෙස්වල සිටම සංදර්ශනයට එක්වුණා.
කොවිඩ් - 19 ගෝලීය වසංගතයට එරෙහිව ලෝක සංගීත ක්ෂේත්රයේ සහෝදරත්වය පළ කිරීමේ සංදර්ශනය ආරම්භ වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රෙයෙසස් සටහනකින්.
ඔහු එහි සඳහන් කළේ කොවිඩ් 19 වෛරසය ලෝක ප්‍රජාව වෙතින් බොහෝ දෑ උදුරගත්තද, මනුෂ්‍යත්වය වෙනුවෙන් සුවිශේෂී අවස්ථාවක්ද උදාකර දී ඇති බවයි.
අප අතර පවතින වෙනස්කම් දුරලීමට, සීමා කඩුලු බිඳලීමට, අනෙකාගේ සුවිශේෂත්වය දැකීමට මෙන්ම සියල්ලන්ටම සෞඛ්‍ය පහසුකම් සපයාලීම සඳහා හඬක් නැගීමට එමඟින් ලෝකයම එක්කර ඇති බව ඔහු අවධාරණය කළා.
Share This Article