රාමසාන් සමයේත් සමාජ දුරස්ථභාවය රකින්න
Sunday, 19 April 2020 - 13:39 | Views - 453
ලබන බ්‍රහස්පතින්දායින් එළඹෙන රාමසාන් සමයේදීද කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය රකින්නැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ කිතුණුවන් පාස්කු සමයේ කටයුතු කළ ආකාරයෙන් ඔවුන් ඒ සඳහා පියවර ගත යුතු බවයි.

ධවල මන්දිරයේ පැවති කොරෝනා වෛරසය පිළිබඳ දෛනික මාධ්‍ය හමුවේදී ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා වෛරස් පාලන පියවර සඳහා ආගම් භේදයක් නොතිබිය යුතු බවයි.

මේ අතර ඇමරිකානු ආරක්ෂක හමුදා සාමාජිකයන්ට පනවා තිබූ සංචාර තහනම පෙන්ටගනය විසින් ජූනි 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

කෙසේ නමුත් විදේශයන් හි හදිසි හමුදා යෙදවීම් සඳහා එම තත්ත්වය බලනොපානු ඇති.

ඇමරිකානු ආරක්ෂක හමුදා අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම සංචාර තහනම පනවනු ලැබුවා.

මේ වනවිට ඇමරිකානු හමුදා සාමාජිකයන් 2,986 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 44 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

යූ.එස්.එස්. තියඩෝර් රූස්වෙල්ට් යුද නෞකාවේ නාවිකයෙකු ඇතුලු ඇමරිකානු හමුදා සාමාජිකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top