කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මුඛ ආවරණ පැළඳීමේ වැදගත්කම අවධාරණය කිරීමට ඉන්දීය ක්‍රිකට් පිල එක්ව සිටිනවා.
ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ සම්බන්ධයෙන් දියත් කළ වැඩසටහනකට අනුකූලවයි. මෙතෙක් ටීම් ඉන්දියා ලෙස හැඳින්වුණු ඉන්දීය ක්‍රිකට් පිල කොවිඩ් වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීමේ වැඩසටහනට එක්වන්නේ ටීම් මාස්ක් ෆෝස් ලෙසින්.
ඒ සඳහා වත්මන් ඉන්දීය නායක විරාට් කෝලි, සචින් තෙන්ඩුල්කාර්, සව්රව් ගංගුලි, රෝහිත් ෂර්මා, ස්මිරිටි මන්දනා ඇතුලු වත්මන් සහ ප්‍රවීන ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත්.

