ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 5ට ඇදිරි නිතිය ළිහිල් කරයි
Sunday, 19 April 2020 - 13:31 | Views - 3,853

දිවයිනට පනවා ඇති ඇඳිරි නීතිය ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 5ට ඉවත් කිරීමට නියමිතව ඇති අතර, එම ප්‍රදේශවලට එදිනම රාත්‍රී 8 ට එය යළි පැනවෙනවා.
පසුව නැවත දැනුම් දෙනතුරු මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පොලිස් බල ප්‍රදේශ 21 ක් හැර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේ ලබන බදාදා උදෑසනයි.
මෙලෙස ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළද මුළු දිවයිනේම පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන මෙන්ම සිනමාහල් ද නැවත දැනුම්දෙනතුරු වසා තැබෙනවා.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දෙපාර්තමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.
එසේම, සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙනතුරු තහනම් කර ඇති අතර, ජනයා ඒකරාශිවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සවද අත්හිටුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.
මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළද එම නිදහස අවභාවිත නොකරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
එමෙන්ම ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ රථවාහන 8,519 ක්ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි.
එසේම අද උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,475 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 368 ක්.
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතුද ආරම්භ කිරීමට රජය සූදානම් ව සිටි අතර, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,000 ක් ද හෙට සිට යෙදවීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර දුම්රිය ගමන් වාර 400ක් ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article