ඇදිරි නිතිය උල්ලංඝනය කළ 33,000ක් අත්අඩංගුවට
Sunday, 19 April 2020 - 11:03 | Views - 503
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 33,155 මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ රථවාහන 8,519 ක්ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි.
එසේම අද උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,475 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 368 ක්.
Share This Article