ඇඳිරි නීතිය ලිහිල් කළද කොවිඩ් 19 පාලන පියවර තවදුරටත් ක්‍රියාත්මක බව ජනපති අවධාරණය කරයි
Sunday, 19 April 2020 - 10:59 | Views - 1,262
ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු කළද කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර ඊට සමගාමීව තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

කොරෝනා උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සළකා දැනට සති 4 ක කාලයක සිට දිවයින පුරා බල පැවැත්වුණු ඇඳිරි නීතිය වඩා ලිහිල් අයුරින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම මේ අවස්ථාවේදී ඉතා වගකීමෙන් කටයුතු කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමක් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.

සෞඛ්‍ය බලධාරීන් විසින් සපයා ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිපදිමින් කොවිඩ් 19 අභියෝගය ජයග්‍රහණය කිරීමට සහය වන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top