මුඛ ආවාරණ නැතිව බස් රථයට ගොඩ වෙන්න තහනම් - බස් ධාවනය ගැන ගැමුණු කියු කතාව
Sunday, 19 April 2020 - 9:28 | Views - 734
ක්‍රමවේද දෙකක් යටතේ, තම සංගමයේ පිරිස් බස් රථ ධාවනය කිරීමට සූදානමින් සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
කොරෝනා ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක තුළ වෙනම ක්‍රමවේදයක් යටතේත්, අනෙකුත් දිස්ත්‍රික්කවල වෙනම ක්‍රමවේදයක් යටතේ මෙය සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම බස් රථයට ගොඩ වන මගීන්ට මුඛ ආවරණය අනිවාර්ය කිරීමටද අවශ්‍ය වන බවයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න අවධාරණය කළේ.
Share This Article