ට්‍රම්ප්, චීනයට දඬුවම් කිරීමට සැරසේ
Sunday, 19 April 2020 - 9:19 | Views - 5,590
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට, චීනය දැනුවත්ව වගකිවයුතු නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එමෙන්ම කොරෝනා වෛරසය ලොව පුරා පැතිරීමට පෙර එය මතුවූ චීනයෙන් නවතා ගැනීමට හැකියාවක් තිබූ බවයි ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී ජනපති ට්‍රම්ප් කියා සිටියේ.
දැන් වෛරසයෙන් ලොවම පීඩාවට පත්ව තිබෙනවා. චීනයේ අත්වැරදීමකින් පැතිරීමක් සිදුවූයේ නම් එය පිළිගත හැකි කරුණක්.
එහෙත් ඊට ඔවුන් දැනුවත්ව වගකිව යුතුනම් ඊට ප්‍රතිචාරයක් තිබිය යුතු බවයි ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ.
අත්වැරදීමක් සහ සිතා මතා පාලනයකින් තොරව වෛරසයේ පැතිරීමට ඉඩදීම අතර, විශාල වෙනසක් පවතින බව චීනය වටහාගත යුතු බවයි ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article