ට්‍රම්ප්, චීනයට දඬුවම් කිරීමට සැරසේ
Sunday, 19 April 2020 - 9:19 | Views - 5,591
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට, චීනය දැනුවත්ව වගකිවයුතු නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එමෙන්ම කොරෝනා වෛරසය ලොව පුරා පැතිරීමට පෙර එය මතුවූ චීනයෙන් නවතා ගැනීමට හැකියාවක් තිබූ බවයි ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී ජනපති ට්‍රම්ප් කියා සිටියේ.

දැන් වෛරසයෙන් ලොවම පීඩාවට පත්ව තිබෙනවා. චීනයේ අත්වැරදීමකින් පැතිරීමක් සිදුවූයේ නම් එය පිළිගත හැකි කරුණක්.

එහෙත් ඊට ඔවුන් දැනුවත්ව වගකිව යුතුනම් ඊට ප්‍රතිචාරයක් තිබිය යුතු බවයි ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ.

අත්වැරදීමක් සහ සිතා මතා පාලනයකින් තොරව වෛරසයේ පැතිරීමට ඉඩදීම අතර, විශාල වෙනසක් පවතින බව චීනය වටහාගත යුතු බවයි ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top