සෞඛ්‍ය උපදෙස්වලට අනුව තවදුරටත් කටයුතු කරන්නැයි යුද හමුදාපතිවරයාගෙන් දැනුම්දීමක්
Sunday, 19 April 2020 - 9:02 | Views - 805
ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කිරීමට පියවර ගත්තද, ජනතාව තවදුරටත් වගකීමකින් යුක්තව සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළ යුතු බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.
ඇඳිරි නීතිය හුදෙක්ම ලිහිල් කර ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා සහ රැකියා සඳහා පිටත්ව යන පිරිස් සඳහා බවත් සඳහන් කළ යුද හමුදාපතිවරයා එම පිරිස් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නා.
මේ අතර,යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ කියා සිටියේ නිරෝධායනයට යොමුකළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 118 දෙනෙකු ඉන් මුදවා ගැනීම සඳහා වන පුනරුත්ථාපන වැඩසටහනකටද යොමු කර ඇති බවයි.
Share This Article