කොරෝනා වෛරස් ව්‍යාප්තිය ජපානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටීමේ අවදානමක්
Sunday, 19 April 2020 - 8:59 | Views - 1,108
කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ තම රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් පවතින බවට ජපාන වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.
ජපානයේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට දස දහස ඉක්මවා ඇති අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 222ක්.
ජපාන වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ රෝහල්වල හදිසි සේවා අංශ ඉහළ යන කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.
කොරෝනා වෛරස් රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු රැගත් ගිලන් රථයක් රෝහලකට ඇතුළත් කරගැනීමට පෙර එය රෝහල් 80 කින් ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාවක්ද වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.
Share This Article