ශ්‍රී ලංකාවේ කොාරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළට
Saturday, 18 April 2020 - 18:54 | Views - 726
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් 4 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි.
ඉන් 3 දෙනෙකු ඕළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියාසිටියේ.
ස්වයං නිරෝධායනයට ලක් කර සිටි රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවකට ද වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබෙනවා.
164 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
පුද්ගලයන් 77 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7ක්.
Share This Article